ඉරානයට පහර දෙන්න ඊශ්‍රායලයට උදවු කරන්නේ නෑ



ඉරානයෙන් එල්ල වන ප්‍රහාරයකින් ආරක්ෂා වීමට ඊශ්‍රායලයට සහාය දැක්වුවත්, ඉරානයට පහර දීමට ඊශ්‍රායලයට සහාය නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ. 

ජනාධිපති බයිඩන් මෙසේ අවධාරණය කළේ ඉරානයෙන් එල්ල වුණු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දුරකතන ඇමැතුමක් දෙමිනි. රාජ්‍ය නායකයන් අතර විනාඩි 25 ක පමණ කාලයක් එම දුරකතන කතාබහ පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉරානය, මෙසේ ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේ, තමන් ඊශ්‍රාලයට ප්‍රහාරයක් එල්ල කරනවා යැයි ඇමෙරිකාවට දැනුම් දෙමිනි. ඉරානය ඒ බව ඇමෙරිකා රජයට දැනුම් දුන්නේ ලිපියක් මගිනි. ඒ අනුව, පැය 24 ක් ඇතුළත ඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි ඇමෙරිකාව අනතුරු ඇඟවීමක් ද කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS