ඉරාන මිසයිල ප්‍රහාරය හෙළා දකිති



ඉරානය සහ ඉරාකයේත් යේමනයේත් සිටින ඉරාන හිතවාදී සටන්කාමීන් පසුගිය 14 වැනිදා ඊශ්‍රායලයට මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 300 ක් යොදා ගනිමින් කළ ප්‍රහාරය හෙලා දැකීමට ලෝක නායකයන් කටයුතු කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් සහ යුරෝපා සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන රාජන්‍ තාන්ත්‍රිකයකු වන ජොසෙප් බොරෙල් පවසා ඇත්තේ ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය තමන් හෙලා දකින බවත් එය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවත්ය.

රුසියාව සහ චීනය ප්‍රහාරය සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් පවසා ඇත්තේ හටගත් අර්බුදය තවත් දුරදිග යෑමට ඉඩ නොතැබීමට සියලු පාර්ශ්ව වගබලාගත යුතු බවය. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉරාන ප්‍රහාරය හෙලා දකිමින් ඊශ්‍රායලට දිගින් දිගටම සහාය දෙන බව අවධාරණය කර තිබේ.

ඊශ්‍රායලයට ඉරානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පාප්තුමන් ද සිය කනස්සල්ල පළ කර ඇත. මැදපෙරදිග කලාපයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් අවසන් විය යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අවධාරණය කර තිබේ.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS