ඉරාන පාර්ලිමේන්තු මැතිවරණය හෙට



ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සම්බාධක මැද, ආර්ථික අර්බුදයකින් ද බැටකන ඉරානයේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට (1) පැවැත්වෙයි.

මැතිවරණය පැවැත්වෙන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලයට සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් විදවත් මන්ත්‍රණ සභාවට නියෝජිතයන් තෝරා ගැනීම සඳහාය. ඉරානයේ ජනගහනය මිලියන 85 කි. එයින් මිලියන 61 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව මැතිවරඛ බලධාරීහු පවසති.

පාසල් සහ මුස්ලිම් පල්ලිවල ඡන්ද මධ්‍යස්ථාන 59,000 ක් ඉරාකය පුරා පිහිටුවනු ඇතැයි ඉරාන මැතිවරණ කොමිසම පවසා තිබුණි.
2023 වසරේ දී නව මැතිවරණ නීති හඳුන්වා දීමක් ද සිදුවුණු අතර මැතිවරණය පැවැත්වෙන්නේ එම නීතිවලට අනුවය. ඉරානයේ මීට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූයේ 2020 වසරේදීය.

ඉරාන පාර්ලිමේන්තුවේ ආසන 290 කි. එයින් ආසන පහක්, ඉරානයේ සොරොස්ට්රියානුවන්, යුදෙව්වන්, ඇසිරියානුවන්, කල්දියන් ක්‍රිස්තියානුවන් සහ ආර්මේනියානුවන් සඳහා වෙන් කර තිබේ.


RECOMMEND POSTS