ඉක්මනින් ඊශ්‍රායලයෙන් යන්න



ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරන බවට ඉරානය කළ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිමින් ජර්මනිය ඇතුළු බටහිර යුරෝපා රටවල් රැසක්, ඊශ්‍රායලයේ සිටින තම රටවැසියන්ට අනතුරු අඟවා ඇත්තේ වහාම ඊශ්‍රායලයෙන් පිටවී යන ලෙසය.

ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළොත් සහ ඊශ්‍රායලය පෙරළා ඉරානයට ප්‍රති ප්‍රහාර එල්ල කළොත්, ගුවන්ගමන්, මුහුදු ගමන් සහ ගොඩබිම ගමන් ආදී සියල්ල නතරවනු ඇති බවත්, එසේ වීමට ප්‍රථම හැකි ඉක්මනින් ඊශ්‍රායලයෙන් පිටවී යන ලෙසත්, ජර්මනිය ඊශ්‍රායලයේ සිටින ඔවුන්ගේ වැසියන්ට දැනුම් දී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS