ඇමෙරිකන් සෙබළුන්ට පහර දුන්නේ නෑ - ඉරානය



සිරියානු දේශසීමව අසල, ජෝර්දානයේ, ඇමෙරිකන් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයට තමන් සම්බන්ධ නැතැයි ඉරානය පවසයි. ඉරානය මෙසේ පැවැසුවේ, එම ඩ්‍රෝන ප්‍රහාරය, ඉරාන හිතවාදී සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ බි්‍රතාන්‍ය විදේශ ලේකම් ඬේවිඞ් කැමරන් ද චෝදනා කිරීමත් සමඟය.

එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඇමෙරිකන් හමුදා සෙබළුන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප්‍රහාරය එල්ල වූයේ ‘ටවර් 22’ නමැති ඇමෙරිකන් හමුදා කඳවුරටය. මෙම කඳවුර ඇමෙරිකන් හමුදාවේ බුද්ධ අංශ නිලධාරීන් ඔවුන්ගේ මෙහෙයුම් සිදු කරන ස්ථානයකි.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගියේ 46 හැවිරිදි විලියම් ජෙරෝම් රිවර්ස්, 24 හැවිරිදි කෙනඩි ලාඩොන් සැන්ඩර්ස් සහ 23 හැවිරිදි බ්‍රියෝනා ඇලැක්සොන්ඩ්‍රියා යන හමුදා නිලධාරීන් තිදෙනාය.

කඳවුරට පහර දුන්නේ ඉරානයේ සහාය ලබන ‘කටායිබ් හිස්බුල්ලා’ නමැති ඉස්ලාමීය සටන්කාමී කල්ලිය යැයි ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය චෝදනා නගා තිබේ.


RECOMMEND POSTS