ආබාධිතයන්ටත් සාමාන්‍ය කුලී රථ සේවය



ඩුබායි නුවර ජීවත්වන ආබාධිත පුද්ගලයින්ට සාමාන්‍ය කුලීරථ සේවාව ලබාගත හැකි බව වාර්තා වේ.

ඩුබායි කුලී රථ සමාගමට අයත් DTC යෙදුම හරහා ආබාධිත පුද්ගලයින්ට සාමාන්‍ය කුලීරථ වෙන්කරවා ගැනීමට හැකි බව එම සමාගම නිවේදනය කරයි.

රෝද පුටු භාවිතා කරන්නන් සඳහා විශේෂිත වූ කුලී රථ වෙනුවට සාමාන්‍ය කුලී රථයක් වෙන්කරවා ගැනීමට DTC යෙදුමේ ඇතිනව සේවාවෙන් පහසුකම් සපයා දී ඇති අතර, සියයට 50ක වට්ටමක් හිමි වේ.

නව සේවාව දියත් කිරීම තුළින් සමාගමේ සේවාවන් අඛණ්ඩව ඉහළ නැංවීමට සහ ස්මාර්ට් සේවාවන්හි නව්‍ය ආකෘතියක් පිරිනැමීමට සමාගමේ කැපවීම පිළිබිඹු වන බව ඩුබායි කුලීරථ සමාගමේ වැඩබලන ප්‍රධාන ව්‍යාපාර පරිවර්තන නිලධාරී, අබ්දුල්ලා ඉබ්‍රාහිම් අල් මීර් අවධාරණය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - ඩුබායි නුවර)

RECOMMEND POSTS