පැය 182 ක් සිරවී සිටි තුර්කි දරවකු මුදා ගැනෙයි



තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් මියගිය ගණන 37,000 පසු කළේය. තුර්කි මාධ්‍ය වාර්තා කළේ, පැය 182 ක් සුන්බුන් අතරේ සිරවී සිටි 13 හැවිරිදි තුර්කි දරුවකු මුදා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වුණු බවය.

මෙම දරුවා මුදාගෙන ඇත්තේ දකුණුදිග තුර්කියේ හාටේ නමැති පළාතේ නිවසකිනි. දරුවා, ගිලන් රථයකට රැගෙන යෑමට සුදානම් කරන විට, ඔහු තමන් තදින් වැලඳගෙන සිටියේ යැයි දරුවා මුදා ගැනීමට සමත් දිවි ගලවා ගැනීමේ නිලධාරීහු පවසති.

තමාව මුදා ගත් නිලධාරීන්ගේ අත අල්ලාගෙන සිට ඇත.මෙලෙස ආශ්චර්යයමත් මුදා ගැනීම් කිහිපයක් වාර්තා වූ වත් සුන්බුන් අතර සිර වී සිටින බොහෝ තුර්කි වැසියන්ගේ ජිවත්වීමේ බලාපොරොත්තු බොඳ වෙමින් යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තුර්කියේ කඩ වැටී ඇති එක් තෙමහල් ගොඩනැගිල්ලක් එකම පවුලේ පරම්පරා තුනක් සිරවී සිටින බවත් ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා ඔවුන් වෙත  ළඟා වීමට උත්සහ ගනිමින් සිටින බව මුදා ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශ කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS