ඩුබායි මත්පැන් බද්ද ඉවත් කෙරේ



මත්පැන් සඳහා පනවා තිබූ සියයට 30 ක බද්ද ඉවත් කිරීමට ඩුබායි බලධාරීන් තීරණය කර තිබේ.

ඩුබායි බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ ඩුබායි නගරවලට වැඩි වැඩියෙන් සංචාරකයන් ආකර්ශණය කර ගැනීමේ අරමුණින්ය. ඩුබායි යනු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ වෙළෙඳ සහ සංචාරක පුරවරයයි.

තෙල් සම්පත බහුල, මුස්ලිම් රාජ්‍යයක් වන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය මත්පැන් සම්බන්ධයෙන් පනවා ඇති දැඩි නීති කෙමෙන් ලිහිල් කිරීමට යොමු වී තිබේ. මත්පැන් සඳහා පනවා තිබූ සියයට 30 ක බද්ද ඉවත් කිරීම සිදුවන්නේ ද ඒ අනුවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS