පැය 24 ඇතුළත ටියුනීසියාවෙන් මරණ 205 ක්



ගතවුණු පැය 24 ඇතුළත ටියුනීසියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 6,787 ක් සහ මරණ 205 ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ කියයි.

මිලියන 12 ක ජනගහනයක් ඇති ටියුනීසියාවෙන් වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 5,33,274 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 17,214 ක් ලෙසය.

මැදපෙරදිග කලාපයේ කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස බැටකන රාජ්‍යයක් ලෙස ටියුනීසියාව සැලකෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරී ගොස් ඇති බැවින් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමකට ලක් වී ඇතැයි ද පැවැසෙයි. රෝහල්වල ඔක්සිජන් හිඟයක් ද පවතී.

(අල් ජසීරා)


RECOMMEND POSTS