ජගත් මහ ලේකම් තුර්කියේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් රුසියාවේ මොස්කව් අගනුවර බලා යෑමට පෙර තුර්කියේ අන්කාරා අගනුවරට පැමිණියේය.
ජගත් මහ ලේකම්වරයා තුර්කිය බලා ගියේ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් හමුවීමටය. ඒ රුසියාවට ගොස් රුසියන් ජනාධිපති පුටින් හමුවීමට පෙර යුක්රේන රුසියානු අර්බුදය සම්බන්ධයෙනි.
තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් රුසියන් යුක්රේන අර්බුදයට මැදිහත්වී සිටී. ඒ දෙරට අතර යුද්ධය කඩිනමින් අවසන් කිරීමට මැදහත්කරු ලෙසය. යුක්රේනය නේටෝ හිතවාදී රාජ්‍යයක් ද වෙයි.
(රොයිටර්)