සමාජ ජාල අන්තවාදයට එරෙහිව පොදු එකඟතාවක්



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න්ගේ මැදිහත් වී, ෆේස්බුක් ඇතුළු සමාජජාල හරහා අන්තවාදය පැතිරීමට එරෙහිව පොදු එකඟතාවක් ඇතිකරගත් අතර ඇමෙරිකා ජපාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඊට විරෝධයක් එල්ල විය.

සමාජ ජාල ඔස්සේ අන්තවාදය වැළැක්වීමේ මෙම එකඟතාව නම් කර ඇත්තේ ‘ක්‍රයිස්ට්චර්ච් කෝල් ෆෝ ඇක්ෂන්’ යනුවෙනි. නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට පහර දුන් සුදු අන්තවාදී තරුණයා ඔහුගේ අදහස් පමණක් නොව, එම වෙඩි තැබීමේ දසුන් පවා ප්‍රසිද්ධියට පත් කිරීමට ෆේස්බුක් සමාජ ජාලය භාවිතයට ගත්තේය.

එම සිදුවීමෙන් පසු සමාජ ජාල හරහා අන්තවාදය සහ වෛරය පැතිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව පළමුවෙන් ලොවට අවධාරණය කළේ නවසීලන්ත අගමැතිනී එර්ඩර්න්ය. අගමැතිනියගේ සහායට ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඉදිරිපත් විය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා පවසා ඇත්තේ තමන් ද මම එකඟතාවට සහාය දක්වන බවය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මීට විරෝධය දක්වමින්, එකඟතාවට අත්සන් කිරීමෙන් වැළැකී සිටියේය. ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් පල්ලිවලට එල්ල වුණු සුදු අන්තවාදී ප්‍රහාරය පමණක් මුල්කොට ගනිමින්, සමාජ ජාල සම්බන්ධයෙන් නීති සකස් කිරීම සහ එකඟතාවක් ඇති කර ගැනීම තමන් අනුමත නොකරන බව ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS