මෝදි දුම්රියෙන් යයි



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (13) නවදිල්ලියේ අගමැති නිල නිවසට නුදුරින් පිහිටි ලොක් කල්‍යාන් මාර්ග් දුම්රිය ස්ථානයේ සිට දිල්ලියේ උතුරු දෙසට උමං දුම්රිය ගමන යෙදුණේය.

අගමැති මෝදි දුම්රියට ගොඩ වී, මගීන් සමඟ අසුන් ගෙන ගියේ විශේෂ කොමාන්ඩෝ බළඇණියක් ද සමඟය.

දුම්රිය මගීහු මෝදි සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමට ද අමතක නොකළහ. බොහෝ දෙනාගෙන් අගමැතිවරයාට උණුසුම් පිළිගැනීමක් ලැබුණු බව ද වාර්තා වේ.

අගමැති මෝදිගේ ගමනාන්තය වූයේ අලිප්පූර් මාර්ගයේ පිහිටි අම්බෙඞ්කාර් ස්මාරකයයි. ඉන්දියාවේ බුදුදහම ප්‍රචලිත කිරීමෙහිලා මහඟු කාර්යයක් ඉටු කළ අම්බෙඞ්කාර්ගේ ඡන්ද දින සැමැරුම ඊයේ දිනයට යෙදී තිබුණු අතර, මෝදි ස්මාරකයට පුෂ්පොපහාර දැක්වීය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS