මිලියන 22කට සෙත සලසන දුම්රියක්



මිලියන 22ක ජනතාවට ප්‍රතිලාභ සැලසෙන නව දුම්රිය සේවයක් චීනයේ ආරම්භ කර තිබේ.

දකුණුදිග චීනයේ ගුවාන්ඩොන්ග් පළාතේ ජියන්මන් සහ ෂන්ජියාංග් නගර යා කරමින් 357kmක දුරක් ආවරණය වන පරිදි නව දුම්රිය සේවයක් ආරම්භ කර තිබේ.

පැයට කිලෝ මීටර් 200ක වේගයෙන් සෑම විනාඩි 30කට වරක් ධාවනය වන අතර දුම්රිය යුගල 33 ක් මේ සඳහා යොදා ගැනෙයි.

නව දුම්රිය සේවාව හරහා බටහිර ගුවාන්ඩොන්ග් ප්‍රදේශයේ සිට ගුවැන්ෂෝ නගරය නගරය දක්වා දුම්රියෙන් ගමන් කිරීම සඳහා ගත වූ පැය අටක කාලය පැය 3ක් දක්වා අවම කිරීම විශේෂත්වයක්.

පළාත් මට්ටමේ නගර 4ක් ආවරණය කෙරෙන මෙම නව දුම්රිය සේවාව මඟින් මිලියන 22ක පමණ ජනතාවකට ප්‍රතිලාභ සැලසෙයි.

මේ අතර චීනයට පැමිණෙන සංචාරකයින් විශාල ප්‍රමාණයක්ද මෙම නව දුම්රිය සේවය භාවිතයට ගනු ඇතැයි අපේක්ෂා කරයි

( තිළිණි ද සිල්වා )

චයිනා ඩේලි නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS