මධ්‍යම රාත්‍රියට පෙර ධුරයෙන් ඉවත් වෙන්න



අද (4) මධ්‍යම රාත්‍රියට පෙර ඉම්රාන් ඛාන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ඔහුට ඉල්ලා අස්වෙන්නැයි බල කරමින් ඉස්ලාමාබාද් අගනුවර විරෝධතා දක්වන විරෝධතාකරුවෝ බල කර සිටිති.

විරෝධතා  සංවිධානය කර ඇත්තේ ආගමික නායක ෆස්ලූර් රෙහෙමාන් ය.  පාකිස්තාන විපක්ෂ දේශපාලන පක්ෂවල සහාය ආගමික නායක ෆස්ලූර් රෙහෙමාන් ට හිමිවෙයි.

ෆස්ලූර් රෙහෙමාන් චෝදනා නගා ඇත්තේ ඉම්රාන් පාකිස්තාන අගමැති ධුරයට පත් වූයේ පාකිස්තාන හමුදාවේ ද සහාය ඇතිව බවටය.

විරෝධතාකරුවන්ට පිළිතුරු දෙමින් අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ තමන් කිසිම අවස්ථාවක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් නොකරන බවය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS