පොලිස්පති මැඞ්රිඞ් අධිකරණය හමුවට



ස්පාඤ්ඤයෙන් වෙන් වී, ස්වාධීන රාජ්‍යයක් වීමට සටන් වදින එරට කැටලෝනියා ප්‍රාන්තයේ පොලිස්පති ජොසෙප් ලුවිස් ට්‍රපේරෝට රාජද්‍රෝහී චෝදනා එල්ල වී ඇති අතර, ඔහුට මැඞ්රිඞ් අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවිය.

පසුගිය පළමු වැනිදා ස්පාඤ්ඤ මධ්‍යම රජයේ විරෝධය නොසලකා, කැටලෝනියානු වැසියෝ ජනමත විමසුමක් පැවැත්වූහ. ඒ, ස්පාඤ්ඤවෙන් වෙන් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙනි.

ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින්, ජනමත විමසුමට එරෙහි වීමට ස්පාඤ්ඤ මධ්‍යම රජය කටයුතු කළ අතර, ඔවුන් කැටලෝනියා පොලිසියට දැනුම් දුන්නේ ජනමත විමසුම වහා නැවැත්වීමට පියවර ගන්නා ලෙසය.

ජනමත විමසුම බාධා මැද පැවැත්විණි. ජනමත විමසුම වැළැක්වීමට අපොහොසත්වීම හරහා කැටලෝනියා පොලිස්පති ස්පාඤ්ඤ මධ්‍යම රජයට ද්‍රෝහියකු වුණැයි චෝදනා එල්ල වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS