තානාපති ධුරයට හෙදර් නවර්ට්



ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා හෙදර් නවර්ට්, එක්සත් ජාතීන්ගේ ඇමෙරිකන් තානාපති ලෙස නම් කිරීමට තමන් සූදානම් බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ ඇමෙරිකන් තානාපති මේ වනවිට පුරප්පාඩුව පවතී. එම ධුරයේ කටයුතු කළේ නිකී හේලි ය. ඇය ධුරයෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතූන් මත යැයි පැවැසිණි.

ලබන 6 වැනිදා, ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙයි. ඇමෙරිකා ජනාධිපති ලෙස ට‍්‍රම්ප් සිය සිව් වසරක ධුර කාලයේ වසර දෙකක් සම්පූර්ණ වී අවසන්ය. මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙන්නේ ඉතිරි දෙවසරක කාලය සඳහා ට‍්‍රම්ප්ගේ ජනපි‍්‍රයත්වය සෙවීම සඳහාය.

එක්සත් ජාතීන්ගේ ඇමෙරිකන් තානාපතිනිය ලෙස ජනාධිපති ට‍්‍රම්ප්, හෙදර් නවර්ට් නම් කරනුයේ මැතිවරණයෙන් පසුව යැයි ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS