ත්‍රස්තවාදයට උඩගෙඩිදීලා ඉරානය වළ කපා ගත්තා



ඉරානයට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් ක්වමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ත්‍රස්තවාදයට උඩගෙඩිදෙන ඉරානය ඔවුන්ගේ වළ කපා ගත් බවය.

ජනපති ධුරයට පත්වීමට පෙර සිටම ට්‍රම්ප්, ඉරානය දැඩි ලෙස විවේචනය කළ අයෙකි.

ට්‍රම්ප්ට පෙර ඇමෙරිකාවේ ජනපති ලෙස කටයුතු කළ ඔබාමා ඇමෙරිකාව විසින් ඉරානයට පනවනු ලැබ තිබූ සම්බාධක ලිහිල් කළේය.

ඇමෙරිකාව පමණක් නොව, බටහිර රටවල් රැසක් ඉරානයට වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පනවා තිබුණේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙනි.

ඉරානය සහ ඇමෙරිකාව ඇතුළු ලොව ප්‍රබල රටවල් දිගින් දිගටම සාකච්ඡා පැවැත් වූ අතර, න්‍යෂ්ටික කටයුතු සීමා කිරීමට ඉරානය කැමැති විය. ඒ අනුව, සම්බාධක ලිහිල් කෙරුණි.

ඉරානයට පනවා තිබුණු එම තහංචි ලිහිල් කළැයි ට්‍රම්ප්ගෙන් ඔබාමාට විරෝධයක් ද එල්ල විය. ඇමෙරිකාවේත් ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ගේත් මිතුරකු වන ඊශ්‍රායලය ඉරානයේ එදිරිවාදියෙකි.

ඉරානය තලාපීය ආරක්ෂාවට තර්ජනයක් බවත්, ගල්ෆ් කලාපයේ ත්‍රස්තවාදය වපුරුවන්නේ ඉරානය බවත් ජනපති ට්‍රම්ප් කියා සිටී. තෙහෙරාන් නුවරට එල්ලවුණු ප්‍රහාරය ද ඉරානයේ අනුවණකම නිසා සිදුවූවක් යැයි ද ජනපති ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS