ට්‍රම්ප් මාලදිවයින ගැන විමසයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමැතුමක් දී, මාලදිවයින අර්බුදය සම්බන්ධයෙන් කරුණු විමසූ බව ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මාලදිවයින අර්බුදය ගැන උනන්දුවක් දක්වයි. මාලදිවයින අර්බුදයට මැදිහත් වී එය විසඳීමට සහාය වන්නැයි ට්‍රම්ප් ඉන්දීය අගමැති මෝදිට දන්වා ඇතැයි ද පැවැසෙයි. කෙසේ නමුත් ඉන්දීය අගමැතිවරයා පිළිතුරු දී ඇත්තේ මාලදිවයින රජය සහ ජනපති අබ්දුල්ලා යමීන් තමන්ගෙන් සහාය ඉල්ලන්නේ නම් පමණක්, සහාය ලබා දෙන බවය.

මේ අතර මාලදිවයිනෙන් පිටුවහල් වී හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත්තේ, මාලදිවයින අර්බුදයට ඉන්දියාව මැදිහත් වී විසඳුමක් ලබා දීමට කටයුතු කරන්නේ නම් තමා එය අගය කරන බවය. මාලදිවයින දූපත් රාජ්‍යයේ දිනෙන් දින උත්සන්න වන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද සිය කනස්සල්ල පළ කර ඇත. ඇමෙරිකාව ආරක්ෂක මණ්ඩල නිත්‍ය සාමාජිකයෙකි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS