ට්‍රම්ප් මහ ඉහළින් පිළිගන්න සූදානම්



ඉන්දියාවේ සංචාරයකට පැමිණෙන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහත් හරසරින් පිළිගැනීමට තමන් සූදානමින් සිටින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.

ජනපති ට්‍රම්ප් ඉන්දියාවට පැමිණෙනු ඇත්තේ ලබන 24 වැනිදාය. ඒ දෙදින නිල සංචාරයක් සඳහාය. තම ඇරුයුම පිළිගනිමින්, ඇමෙරිකන් ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණීමට කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති මෝදි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ස්තුති කර ඇතැයි වොර්තා වේ.

ඇමෙරිකන් ජනාධිපති ලෙස ට්‍රම්ප්, ඉන්දියාවට පැමිණෙන්නේ පළමු වරටය. අගමැති මෝදි, ඇමෙරිකාවට ගොස් ජනපති ට්‍රම්ප් අවස්ථා කීපයකදී හමුවී ඇත. ඒ සෑම අවස්ථාවකම ඉන්දීය අගමැති මෝදි උණුසුම් ලෙස පිළිගැනීමට ට්‍රම්ප් කටයුතු කළේය.

මෝදි සහ ට්‍රම්ප් අතරේ සමීප මිතුදම් පවතී. එම මිතුදම් ශක්තිමත් කර ගැනීමටත්, ඉන්දු ඇමෙරිකා සබඳතා තර කර ගැනීමටත් මෙම සංචාරය ඉවහල් වනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ ඉන්දියාව සමඟ නව වෙළෙඳ  ගිවිසුම් කීපයකට අත්සන් තැබීමට තමන් බලාපොරොත්තු වන බවය. අගමැති මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් අතර ද්වී පාර්ශ්වීක සාකච්ඡා පැවැත්වෙන්නේ නවදිල්ලි අගනුවරදීය. ඊට අමතරව ජනපති ට්‍රම්ප්, ගුජරාඨයේ අහ්මදාබාද් නුවරට යෑමට නියමිතය. ඒ, අගමැති මෝදි සමඟය. මෝදිගේ උපන් ගම් පළාත ලෙස සැලකෙන්නේ ද ගුජරාඨයයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS