ජාතික ආරක්ෂක උපදේශකට කොරෝනා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

වෛද්‍ය උපදෙස් මත 54 හැවිරිදි රොබට් ඕ බ්‍රයන් සිය නිවසේ හුදෙකලා වී සිටින බවත් නිවසේ සිට රාජකාරි කටයුතු සිදු කරන බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ.

රොබට් ඕ බ්‍රයන්ගේ තත්ත්වය බරපතල නොවන බවත්, ඔහු පසුගිය කාලයේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හෝ උප ජනාධිපති මයික් පෙන්ස් හමුවට නොගිය බවත් ධවල මන්දිරය වැඩි දුරටත් පවසා ඇත.

ට්‍රම්ප් පරිපාලනයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ ඉහළම තනතුරක් දරණ තැනැත්තා ලෙස සැලකෙන්නේ රොබට් ඕ බ්‍රයන් ය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS