උතුරු කොරියාව ආයෙත් රොකට් යවන්න සැරැසෙයි



සාමයට කැමැත්ත පළ කරමින්, න්‍යෂ්ටික අවිහරණ සිදු කරන බවට පොරොන්දු වී සිටින උතුරු කොරියාව, යළි රොකට් අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබෙමින් පවතින බව ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය කියයි.

සී.අයි.ඒ. බුද්ධි අංශය මේ බව තහවුරු කරගෙන ඇත්තේ චන්ද්‍රිකා ඡායාරූප අනුවය. උතුරු කොරියාව, ඔවුන්ගේ දිගු දුර මිසයිල පමණක් නොව, අභ්‍යවකාශ රොකට්ටු පවා අත්හදා බැලීම සිදු කළේ ‘ටොංග්චැංග් රී’ මධ්‍යස්ථානයෙනි.

මෙම මධ්‍යස්ථානය පසුගිය වසරේ වසා දැමිණි. ඒ, සාමයට කැමැත්ත පළ කරමින්, න්‍යෂ්ටික අවිහරණය කරන බවට උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට පමණක් නොව, අසල්වැසි දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ට කළ පොරොන්දුවකට අනුවය. ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීන් පෙන්වා දෙන්නේ, චන්ද්‍රිකා ඡායාරූප අනුව, ‘ටොංග්චැංග් රී’ මධ්‍යස්ථානයේ කටයුතු යළි සක්‍රීය වී ඇති බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS