උණුසුම්ම වසර 2016යි - ලෝක කාලගුණය කියයි



ලෝකයේ උණුසුම්ම වර්ෂය ලෙස 2016 වර්ෂය නම් කරනු ලැබ ඇත.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.මීට පෙර ලෝකයේ උණුසුම්ම වර්ෂය ලෙස 2015 වර්ෂය නම් කර තිබූණි.

2015 වර්ෂයට වඩා සෙල්සියස් අංශක 0.07ක උෂ්ණත්වයේ වැඩිවීමක් 2016 වර්ෂයේ වාර්තා වී තිබේනාසා ආයතනය හා බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලය විසින් ලබාගත් දත්ත වලට අනුව මේ බව ප්‍රකාශ කර ඇත.

කාබන් ඩයොක්සයිඩ්, වායු ගෝලයට මුදා හැරීම වැඩි වීම තුළින් මෙලෙස වාර්ෂිකව උණුසුම වැඩිවෙමින් පවතින බවයි වාර්තා වෙයි.මෙම උණුසුම වැඩිවීම දේශගුණ සහ කාලගුණ විපර්යාස රැසකට හේතු වන බව විද්‍යාඥයින් පෙන්වාදෙයි.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී.ඇසුරෙනි...


RECOMMEND POSTS