ඉන්දීය නාවික කඳවුරට විරෝධය



ඉන්දීය සාගරයේ බටහිර කලාපයේ ආධිපත්‍යය තහවුරු කිරීමෙහිලා සී ෂෙල්ස් දූපත් රාජ්‍යයේ නාවික කඳවුරක් ස්ථාපිත කිරීමට ඉන්දියාව උත්සාහ කළ නමුත්, සී ෂෙල්ස් පාර්ලිමේන්තුව ඊට විරෝධය පළ කර ඇත.

ඉන්දියාව කළ ඉල්ලීම සී ෂෙල්ස් පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සී ෂෙල්ස් යනු මැඩගස්කරය ආසන්නයේ ඉන්දීය සාගරයේ පිහිටි කුඩා දූපත් සමූහයකි. සී ෂෙල්ස් ජනාධිපති ඩැනී ෆුවරේ, සහ ඉන්දීය අගමැති මෝදි අතරේ සමීප මිතුදම් පවතී. කෙසේ නමුත් ඉන්දීය කඳවුරක් තම රාජ්‍යයේ පිහිටුවීම තම ස්වෛරීත්වයට බාධාවක් බව සී ෂෙල්ස් රජය තීරණය කර ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS