ඇෆ්ගනිස්තානයට පුස්තකාලයක් මොකටද?



ඇෆ්ගනිස්තානයේ පුස්තකාලයක් ස්ථාපිත කිරීමට ඉන්දීය රජය මුදල් ආධාර ලබා දීමට කටයුතු කිරීම මහ විහිළුවක් බවත්, ඇෆ්ගනිස්තානයට පුස්තකාලවලින් වැඩක් නැති බවත් ඉන්දීය අගමැති ​නරේන්ද්‍ර මෝදිට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

ඇෆ්ගනිස්තානයට ඉන්දියාවෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක මුදල් ආධාර ලබා දෙයි. ඒ, ඇෆ්ගනිස්තානයේ යටිතල පහසුකම් නංවාලීම වෙනුවෙනි.

ඇෆ්ගනිස්තානයට පුස්තකාලයකින් පලක් නැති බවත්, ඉන්දීය රජයේ ආධාර ඇතිව ගොඩනැගූ බව පැවැසෙන පුස්තකාලය පරිහරණය කරන්නේ කවුරුන්දැයි නොදන්නා බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට පැහැදිලි කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

 

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS