ඇමෙරිකාව බ්‍රසීලය තවමත් ඉදිරියෙන්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය ඇමෙරිකාවය. ඇමෙරිකාවේ ජනගහනය මිලියන 328 කි. ඇමෙරිකාවෙන් සෑම මිනිත්තුවකටම එක් කොරෝනා මරණයක් වාර්තා වේ.

ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන 4,764,063 කි. මරණ වාර්තා වන්නේ 1,57,900 ක් ලෙසය. කැලිෆෝනියා සහ ෆ්ලොරීඩා යන ප්‍රාන්තවලින් දිනපතා වැඩි වැඩියෙන් ආසාදිතයන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

ලොව දෙවැනියට ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බ්‍රසිලයෙනි. බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝට වයිරසය ආසාදනය විය. ඔහු සුවය ලබද්දී, ඔහුගේ බිරිඳ මිෂෙල් ට වයිරස ආසාදනය විය. මේ වනවිට බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 2,708,900 කි. මරණ වාර්තා වන්නේ 93,616 ක් ලෙසය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS