අමෙරිකානු හා රුසියානු නායකයන් හමුවක්



කලීජ් ටයිම්ස් අමෙරිකානු හා රුසියානු නායකයන් අතර හමුව එළඹෙන මස සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පළමු ලෝක යුද්ධයේ සියවස් සැමරුමට සමගාමීව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර හමුව සිදුවනු ඇති බව අමෙරිකානු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසා ඇත්තේය.

1987 වර්ෂයේදී ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුම අහෝසි කිරිම පිළිබදව සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු ආරක්ෂක උපදේශකවරයා රුසියාවට ගොස් සිටින අතර එහිදී  නායකයින් දෙදෙනාගේ හමුව පිළිබඳව ද සාකච්ඡා වී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් අදාළ ගිවිසුම අහෝසි කිරීම භායානක පියවරක් බව රුසියාව පවසා ඇත්තේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS