සඳට කඩා වැටුණු චන්ද්‍ර යානය සොයා ගැනේ



ගොඩබෑමට තැත් කිරීමේ දී සඳ මතුපිටට කඩා වැටුණු ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමට සම්බන්ධ වික්‍රම් නමැති රොබෝ ගවේෂණ යානය සොයා ගැනීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සමත් වී ඇත.

නාසා ආයතනය කඩා වැටී ඇති වික්‍රම් යානය සොයාගෙන ඇත්තේ සඳුගේ කක්ෂයේ රඳවා ඇති එල්ඕආර් නමැති චන්ද්‍ර ගවේෂණ චන්ද්‍රිකාවේ ආධාරයෙනි. සඳට කඩා වැටුණු වික්‍රම් යානය කොටස්වලට කැඩී සඳ මතුපිට විසිරී ඇති බව ද නාසා චන්ද්‍රිකාවට දකින්න ලැබී ඇති බව ද පැවැසෙයි.

ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 2’ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමට යානා 3 ක් සම්බන්ධ විය. එක් යානයක් සාර්ථකව සඳුගේ කක්ෂයට පිවිසිණි. ඒ, පසුගිය අගෝස්තු 20 වැනිදාය. වික්‍රම් නමැති පතිත කරවන රොබෝ යානය මෙම යානයෙන් වෙන්විය.

පසුගිය සැප්තැම්බර් 7 වැනිදා එය සෙමින් සඳ මතට පතිත කිරීමට සූදානම් වූ අතර සඳ මතුපිට සිට කිලෝ මීටර් 2.1 ක් ඉහළින් වික්‍රම යානය සමඟ පැවැති සබඳතා ඇණ හිටියේය. ඒ අනුව, වික්‍රම් යානය සඳ මතුපිටට කඩා වැටුණි. වික්‍රම් යානය තුළ කුඩා රොබෝ රෝවර් යානයක් ද විය. කඩා වැටීමෙන් එය ද විනාශ විය. එම කුඩා යානයේ නම ප්‍රාග්යාන් ය.

කඩා වැටුණු වික්‍රම් යානය ගැන එදා සිට කිසිම හෝඩුඩාවක් අසන්න හෝ දකින්න හෝ නොලැබුණි. නාසා ආයතනය ඔවුන්ගේ චන්ද්‍රිකා ආධාරයෙන් යානයේ සුන්බුන් සෙවීම සිදු කළේය. වික්‍රම් යානයේ සුන්බුන් සොයා ගැනීමට හැකිවූයේ ඒ අනුවය.

නාසා ආයතනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS