පැරිස් ගිවිසුමෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වයි



කාලගුණ විපර්යාස පිටුදැකීමට, ප්‍රංශයේ පැරිස් අගනුවරදී, ඇතිකරගත් ගිවිසුමෙන්, ඇමෙරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ඉවත් විය.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ මැදිහත් වීමෙන්, ලෝක නායකයන්ගේ එකමුතුවී පැරිස් ගිවිසුමට අත්සන් කළේ 2015 දීය. ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතු සාධක වන කරුණු අවම කර ගැනීමට ප්‍රතිඥා දෙමිනි. ‘පැරිස් ගිවිසුමට’ රටවල් 188 ක් අත්සන් තැබීය.

ඇමෙරිකාව වෙනුවෙන් එම පැරිස් ගිවිසුමට අත්සන් තැබීම කළේ එවකට ජනපති ධුරය හෙබවූ බැරැක් ඔබාමාය. ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට පියවර ගත්තේ වත්මන් ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ගෝලීය උණුසුම ඉහළ යන බව ජනපති ට්‍රම්ප් විශ්වාස කරන්නේ නැත.

පැරිස් ගිවිසුමෙන් නිල වශයෙන් ඉවත් වන බව ජනපති ට්‍රම්ප් දැනුම් දීමෙන් පසු, එය ක්‍රියාවට නැංවෙන්නේ ලබන 2020 වසරේදීය. ලබන  2020 දී ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වෙයි. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහා ට්‍රම්ප් ඊට ඉදිරිපත් වෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS