හොංකොං සූර්ය මංගල්‍ය උලෙළ



අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන්, හොංකොං ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය 22 වැනි වරට සංවිධානය කළ සූර්ය මංගල්‍ය උලෙළ පසුගිය 22 වැනිදා හොංකොංහිදී සාර්ථකව පැවැත්විණි.

හොංකොංහි සිටින ශ්‍රී ලාංකිකයන් දහසකට වැඩි පිරිසක් මෙම අවුරුදු උලෙළට සහභාගී වූ බව හොංකොං ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ සභාපති ඩී. බන්දුල අජිත් කුමාර මහතා ලංකාදීප මැදපෙරදිග වෙබ් අඩවියට පවසා ඇත.

සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව, පොල්තෙල් පහන දැල්වීමෙන් පසු, අලුත් අවුරුදු කැවිලි පෙවිලි සහ නැටුම් ගැයුම්වලින් ද අවුරුදු උලෙළ අලංකාර විය. ඉන්පසු අවුරුදු ක්‍රීඩා රැසක් පැවැත්විණි.


RECOMMEND POSTS