ලෙබනනයේ ශ්‍රී ලංකා දින සැමරුම



ලෙබනනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ ‘‘ශ්‍රී ලංකා දිනය ‘‘ සැමරුම් උත්සවය ඉකුත් 13 වැනිදා එරට ඉස්ලාමීය විශ්වවිද්‍යාල භූමියේදී පැවැත්විණි.

මෙම ශ්‍රී ලංකා දින උත්සවය එම විශ්ව විද්‍යාලයේ සංචාරක විද්‍යා පීඨය හා ඒකාබද්ධව පැවති අතර එහිදී ශ්‍රී ලාංකීය නර්තනාංග , මනාලියන්ගේ දැක්මක් , ආහාර පාන සහ ලාංකීය සිතුවම් ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති එච්.එම්.ජී.ආර්.ආර්.කේ විජේරත්න මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති  මෙම උත්සවයේදී ලාංකික සංස්කෘතීය , මෙරට දේශීය ආහාර පාන, දේශීය අත්කම් නිර්මාණ , සිතුවම් ආදී නිර්මාණයන් පිළිබඳව ලෙබනනයේ ඉස්ලාමීය විශ්ව විද්‍යාල සිසුන් දැනුම්වත් කිරීමද සිදු කෙරිණි.

මෙහි පැමිණි සිටි අමුත්තන් හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා තානාපතිනිය  කියා සිටියේ දෙරටේ ජනතාව අතර සබඳතා ගොඩනැගීමේ වෙනුවෙන් කළ හැකි හොඳම දෙය සංස්කෘතික හුවමාරුව බවය  , එමඟින් ලෙබනනය සහ ලංකාව අතරද සබඳතා ඔප් නැංවෙනු ඇතැයි ඇය  කීවාය.එසේම මෙවැනි ශ්‍රී ලංකා සංස්කෘතික දිනයක් සංවිධානය කිරීමට ඉස්ලාමීය විශ්ව විද්‍යාල සභාපති ,එහි ආචාර්ය මණ්ඩලය ලබා දුන් සහාය අගය කරන බවද තානාපතිනිය කියා සිටියාය.

ශ්‍රී ලංකා දිනය සංස්කෘතික සැමරුම් දිනයට සමගාමීව අයිලන්ඩ් ලෙෂර් කළමනාකාර අධ්‍යක්ෂ චන්දන අමරදාස මහතා කියා  පැමිණ සිටි ලෙබනන් පිරිස් හමුවේ ලංකාවේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන හා දෑ ඇතළත් සවිස්තරාත්මක වීඩියෝ පටයක් ඉදිරිපත් කරනු ලැබීය.

මේ උත්සවය ලෙබනනයේ සිටින ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් එහි වෙසෙන මාලනී කන්දේආරච්ච, අනා ප්‍රනාන්දු , උෂානි දීපිකා පිරිස් ද සහභාගී වූහ.


RECOMMEND POSTS