රූ රැජින කිරුළ මෙක්සිකෝවට



2018 ලෝක රූ රැජින ලෙස කිරුළ පැළැඳීමට මෙක්සිකෝව නියෝජනය කළ සුරූපිනිය වෙනේසා පොන්ස් දෙ ලියොන් සමත් වූවාය.

2018 ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වූයේ චීනයේ හයිනාන් දූපතේ සන්යා වරාය නගරය කේන්ද්‍රකොට ගනිමිනි. සාන්යා නගරයේ ලෝක රූ රැජින තරගාවලියක් පැවැත්වූයේ අටවැනි වරටය.

හයිනාන් යනු සංචාරක ආකර්ශණය දිනූ දූපතකි. 2018 රූ රැජින තරගාවලිය අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණු අතර ලොව පුරා බොහෝ දෙනකු එය මහත් ආසාවෙන් නැරැඹූ බව ද වාර්තා වේ.

ලෝක රූ රැජින තරගාවලිය මෙවර පැවැත්වූයේ 68 වැනි වරටය. රටවල් රැසක සුරූපිනියෝ ඊට සහභාගී වී සිටියහ. කිරුළ පැළැඳි 26 හැවිරිදි වෙනේසා මෝස්තර නිරූපිකාවක මෙන්ම සමාජ සේවිකාවක ද වෙයි. ඇය කිරුළු පැළැදියේ පසුගිය 2017 වසරේ ලෝක රූ රැජින කිරුළට හිමිකම් කී ඉන්දීය සුරූපිනී මනූෂි චිලාර් අතිනි.

මෙවර ලෝක රූ රැජින තරගාවලියෙන් දෙවැනි ස්ථානය දිනා ගත්තේ තායිලන්තය නියෝජනය කළ 20 හැවිරිදි නිකොලැන්ස් පිචාපාය. තෙවැනි ස්ථානය බෙලරූස් රාජ්‍යය නියෝජනය කළ මාරියා වැසිලෙවෙච්ට හිමිවිය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS