මංගල ඇඳුමෙන් නීතිය ඉදිරියට



අලුත විවාහ වු විදේශීය යුවලක් ජෙඩා නුවර අධිවේගි මාර්ගයක අතින් අල්ලා ගෙන ගමන් කරන ආකාර දැක්වෙන විඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවියක පළවීම හේතුවෙන් විවාහ යුවලට නීතිය හමුවට යෑමට සිදුවීමේ පුවතක් සෞදි අරාබියෙන් වාර්තා වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සෞදි අරාබියේ පවතින සාම්ප්‍රදායික හා ආගමික සිරිත් විරිත් වලට පටහැනිව ක්‍රියාකිරීම හේතුවෙන් විදේශීය යුවලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස මක්කම ආණ්ඩුකාර සහ සෞදි රජුගේ උපදේශක, කලීඩ් අල්-ෆයිසාල් අදාල බලධාරීන්ට නියෝග කර ඇත. 

අදාල විඩියෝවසමාජ ජාල වෙබ් අඩවිවල පළවීමෙන් පසු විශාල ප්‍රසිද්ධියක් ලැබී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS