ගොඩනැගිල්ලේ එල්ලුන කත ඩුබායි පොලිසියේදී උත්තර බඳී



ඩුබායි හි Cayan Tower ගොඩනැගිල්ල මත සිට පහලට එල්ලෙමින් සිටියදී ඡායාරූප ගත් රුසියානු කාන්තාවක් වූ විකී ඕඩින්ට්කෝවා ගේ මෙම ඡායාරූප හා වීඩියෝව අන්තර්ජාලයේ අතිජනප්‍රිය වුවත්, එය මේ වන විට ඇස් රතු වන විහිළුවක් වී අවසන් වී තිබේ.

බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත්පත වාර්තා කරන අන්දමට ඇගේ මෙම ක්‍රියාව හේතුවෙන් ඇයට ඩුබායි පොලිසියට පවා යාමට සිදුව ඇති අතර, මින් මතුවට එවැන්නක් යළි නොකරන බවට දිවුරා ලියවිල්ලකට අත්සන් තැබීමට ද ඇයට සිදුවී ඇත.

විකී ගේ මෙම ක්‍රියාව ඇගේ ජීවිතය අනතුරේ හෙළු බවත්, ආරක්ෂක උපාංග රහිතව එවැනි භයානක ක්‍රියා වල නිරතනොවිය යුතු බවට ඩුබායි ජනතාව තේරුම්ගැනීම අතිශය වැදගත් බවත් ඩුබායි පොලිසියේ මේජර් ජනරාල් හලීල් ඊබ්‍රගිම් අල්-මන්සූරි ‘ද සන්’ පුවත්පතට වැඩිදුරටත් පවසා ඇත.

විකී විසින් මෙම ඡායාරූප පෙළ පසුගිය දෙසැම්බර් මාසයේ දී ඉන්ස්ටර්ග්‍රෑම් වෙබ්අඩවියට එක්කිරීමෙන් අනතුරුව එයට ලයික්ස් 90,000කට වැඩි ප්‍රමාණයක් හිමිව තිබේ.

 

( තිළිණි ද සිල්වා )
බ්‍රිතාන්‍ය සන් පුවත්පත් ඇසුරෙනි...

 


RECOMMEND POSTS