හාම්පුතා සෙවූ සේවකයා හමුවෙලා



සෞදි අරාබි හාම්පුතා විසින් ත්‍යාගයක් ලබා දිම සඳහා සොයමින් සිටි ශ්‍රී ලාංකික සේවයකයා කාර්යංශය වෙත ඉදිරිපත් වූ බව ශ්‍රී ලංකා විදේිශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

මීට වසර 20 කට පෙර සවුදේයේ සසේවය කළ මොහමඞ් සිසාන් හමීඞ් ලෙබ්බේ මහතා මෙසේ කාර්යංශ්‍ය වෙත ඉදිරිපත් වී ඇත්තේ ඔහුගේ සවුදි හාම්පුතා ගේ පුතු ඔහු පිළිබඳ සොයමින් සිටින බවට කාර්යංශ්‍ය මඟින් කළ මාධ්‍ය ප්‍රචාරයන් අනුවය.

මොහෙමඞ් සිසාන් හමීඞ් ලෙබ්බේ මහතාගේ සෞදි අරාබියේ රැකියාවේ නියුතු නිවසේ හාම්පුතා විසින් සිය අන්තිම කැමති පත්‍රය :අවසන් කැමැත්ත* අනුව ඔහුගේ වත්කම් වලින් කොටසක් ලබා දෙන ලෙස සදහන් කර තිබු බැවින් මෙසේ ඔහු සොයා දෙන ලෙස තානාපති කාර්යාලය කළ ඉල්ලීමකට අනුව කාර්යංශය මාධ්‍ය හරහා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව, 2018.02.16 වන දින ඔහු විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පුතා විසින් ඇමතුමක් ලබා දී තිබෙන අතර 2018.02.20 වන දින මොහෙමඞ් සිසාන් හමීඞ් ලෙබ්බේ මහතා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ ඔහු පිලිබදව තහවුරු කර ඇතැයි කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අංක 07, දිවුල්කුඹුර පාර, පොල්ගහවෙළ, කුරුණෑගල යන ලිපිනයේ ඔහු පදිංචිව සිටින අතර වසර 20 කට ඉහත දී තමන් සේවය කළ සෞදි අරාබියේ නිවසේ හාම්පුතා විසින් මෙවැනි පරිත්‍යාගයක් සිදු කිරීම සම්බන්ධව සතුට පළකර ඇත.ඔහුට හිමි මුදල් ඉදිරියේ  දී සෞදි තානාපති කාර්යාලය හරහා මෙරටට ගෙන්වා ඔහුට ලබා දීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් පවතින  බව ද හෙතෙම කියා සිටියේය.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS