සමා කාලය 20 වැනිදායින් අවසන්



කුවේට්හි අනවසරෙයෙන් රැදී සිටින විදේශ ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා කුවේටය විසින් ප්‍රකාශයට පත් කළ පොදු සමා කාලය ලබන 20 වැනිදායින් අවසන් වන බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

පොදු සමා කාලය උපරිම ප්‍රයෝජනයට ගෙන නීතිවිරෝධී ලෙස රැඳී සිටින එරටින් පිටවන ලෙසත් , කුවේට් නීතියට අනුව කටයුතු කරන ලෙස කුවේට්හි ශ්‍රී ලංකා තනාපති කන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා ශ්‍රී ලංකා ශ්‍රමිකයින් ගෙන් ඉල්ලා සිටී.

එසේ නොමැති වුවහොත් පොදු සමාකාලයෙන් පසුව එරට රැදී සිටින ශ්‍රීලාංකිකයින් අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කරනු ඇති බව ශ්‍රී ලංකා තානාපතිවරයා  කියා සිටී.

ඉකුත් පෙබරවාරි 22වැනදායින් මෙම පොදු සමා කාලය අවසන් වීමට නියමිතව තිබුණ ද එම කාලය තවත් මාස දෙකකට එනම් ලබන  20 දක්වා දීර්ඝ කිරිමට කුවේට් බලධාරින් පියවර ගත්තේය.

ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනුයේ  මෙම පොදු සමාකාලයෙන් පසුව නීතිවිරෝධිව කුවේට්හි රැඳී සිටින නීති විරෝධී ශ්‍රමිකයින් සම්බන්ධයෙන් කුවේට් බලධාරින් දැඩි තීරණයක් ගනු ඇති බවයි.

විශේෂයෙන් කුවේට් බලධාරින් තමා ඇතුළු සියලු තානාපතිවරු ගෙන්වා මේ සම්බන්ධයෙන් දැනුම්දුන් බව ද කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS