ශ්‍රී ලාංකික තරුණියක් තායිලන්තයේදීගණිකා වෘත්තීයේ යෙදවූ 2ක් අත්අඩංගුවට



මැදපෙරදිග  රැකියාවක් ලබාදෙන බව පවසා  ශ්‍රී ලංකික තරුණියක් තායිලන්තයට ගෙන්වා ,ඇය එරට  ගණිකා වෘත්තීයේ යෙද වූ බව කියන තවත් ලාංකික තරුණයින් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.

මෙලෙස තායිලන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස 34 හැවිරිදි සහ 25 හැවිරිදි වියේ පසුවන ලාංකිකයින් දෙදෙනෙකි.මොවුන් දෙදෙනා එරට පටායා නගරයේදී රැඳී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

මොවුන් දෙදෙනා වසර කිහිපයක සිට එරට රැඳී සිටින්නන් වන අතර ,මිනිස් ජාවාරම්වලද ඔවුන් දෙදෙනා නිරතව සිට ඇත. ලාංකිකයින් දෙදෙනා ගැන පටායා පොලීසියට ලැබූණු ඔත්තුවක් මත අත්අඩංගුවට ගනු ලැබූ බවද තානාපති ආරංචි මාර්ග කියා සිටී.

සැකකාර ලාංකිකයින් දෙදෙනා මෙලෙස ගණිකා වෘත්තිය යොදවා ඇත්තේද 20 හැවිරිදි ලාංකික තරුණියක් බවද එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. අත්අඩංගුවට ගත් ලාංකිකයින් දෙදෙනා ගෙන් එක් අයෙකු පොලීසියට සඳහන් කර ඇත්තේ  ඇය තමාගේ බිරිඳ වන බවය.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS