විදේශ ගත ශ්‍රී ලාංකිකයන් ඉකුත් වසරේ බිලියන 1054ක විනිමයක් මෙරටට සොයා දෙයි



විදේශ ගත ශ්‍රී ලාංකිකයන් විසින් ඉකුත් වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 7241. 5 (රුපියල් බිලියන 1054.5) ක් වටිනා විනිමය මෙරටට එවා ඇතැයි විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.

මෙසේ විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් විසින් එවන ලද මුදල 2015 වසර හා සසදන කළ සියයට 11.11 ක වැඩි වීමක් යැයි ද ඇමතිනිය පැවැසුවාය.

විදේශ ගත ශ‍්‍රමිකයන් විසින් 2015 වසරේ එවා තිබු මුදල ඇමරිකානු ඩොලර්මිලියන 6980 කි. (රුපියල් බිලියන 944 කි.)
මෙම මුදල් එවූ පිරිස අතරින් වැඩි පිරිස කාන්තාවන් වන අතර ඔවුන්ගෙන් බහුතරය ද ඝෘහ සේවිකාවෝ වෙති. 

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS