ප්‍රගතිය දන්වලා



ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව රටවල් කිහිපයක් ඒකාබද්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවේ සම්බන්ධයෙන් සම්මත කර ගනු ලැබූ යෝජනාව නිසි පරිදි  ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය වහා පෙන්වන්නැයි එම කවුන්සිලය ශ්‍රී ලංකා රජයට දන්වා ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග කියා සිටී.

විශේෂයෙන්ම මෙරට යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ වලට විසඳුම් සෙවීමේ ලංකාවේ දේශීය යාන්ත්‍රණයට සහාය දක්වමින් සම්මත කර ගත් අදාළ යෝජනාවෙන් නිර්දේශ කළ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ උපදේශක කාර්ය සාධක බලකාය යටතේ මාර්ග සිතයමක් ස්ථාපිත කිරීම ,සත්‍ය සෙවීමේ කොමිසම හා වන්දි ගෙවීමේ යාන්ත්‍රණයක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව මානව හිමිකම් කවුන්සිලය විසින් මෙරට බලධාරීන්ට දැනුම් දී ඇතැයි ද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

තවද එම නිර්දේශ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ලෙසින් ක්‍රියාත්මක කිරීම සඳහා වන තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා දෙන්නැයි එම කවුන්සිලය ශ්‍රී ලංකා රජයට දන්වා ඇත.

මේ අතර ලබන මස අගදී ආරම්භ වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36 වැනි වාර්සික මහ සභ සැසියට පෙර මෙකී නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පෙන්වන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරන්නැයි ඉල්ලා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලියැවිල්ලක් ඉදිරිපත් කර ඇතැයිද වාර්තාවේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS