ජෝර්දානයේ ලාංකික කත ගැන සොයයි



ජෝර්දානයෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික කාන්තාවක පිළිබදව තොරතුරු සොයාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
 
මෙසේ තොරතුරු අවශ්‍යව ඇත්තේ බලංගොඩ, රාස්සගල ප්‍රදේශයේ පදිංචිව සිටි රාමසාමි සවරියනන් ෆ්ලෝරි ජසින්තා නම් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පිළිබඳවයි.
 
ඇය  2009.11.12 දින ජෝර්දානය බලා පිටත්ව ගොස් ඇති අතර, මේ වන තුරු ඇය පිළිබදව කිසිදු  තොරතුරක්  නොමැති බව කාර්යාංශය පවසයි.

මෙම කාන්තාව පිළිබඳව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112- 864136 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස  කාර්යාංශය ඉල්ලයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS