ඉතියෝපියාවට නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්



ඉතියෝපියාව සඳහා නව ශ්‍රී ලංකා තානාපති  කාර්යාලයක් එරට අගනුවර වන අඩිස්අබාබා හි ස්ථාපිත කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එරට නව ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් නම් කරනු ලැබ සිටින සුමිත් දසනායක මහතා ළඟදීම එරට ජනාධිපතිවරයා වෙත අක්ත පත්‍රය බාර දීමෙන් අනතුරුව එම ධූරයේ  රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇතැයි ද එම අමාත්‍යාංශය කියා සිටී.

ඉතියෝපියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් හා රටවල් 54 ක සාමාජිකත්වයෙන් යුතු අප්‍රිකා සංගමය සමඟ පවතන සබඳතා වෙනුවෙන්  රජය විසින් මෙම නව තානපති කාර්යාලය පිහිටු වූ බවද එම අමාත්‍යාංශය සඳහන් කර සිටී.

එක්ජත් ජාතීන්ගේ සංවිධානය තුළ හා ඉන් පිටතදී ශ්‍රී ලංකාවට  නිරන්තරයෙන් සහාය දක්වන අප්‍රිකා සංගම් මූලස්ථානය පවතින්නේද අඩිස් අබාබා අගනුවර වන අතර නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් එරට පිහිටුවීම තුළින් අප්‍රිකා සංගමය හා ශ්‍රී ලංකාව අතර සබඳකා වැඩිදියුණු කර ගැනීම රජයේ අරමුණ බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නොබැඳි ජාතීන්ගේ සංවිධාන සාමාජිකයින් වශයෙන් 1972 වසරේදී ඉතියෝපියාව හා ශ්‍රී ලංකා අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ නරනු ලැබීය.මෙතෙක් ශ්‍රී ලංකාව එරට සමඟ ද්විපාර්ශවික සබඳතා පවත්වනු ලැබුවේ කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය යටතේය.ඉතියෝපියාවද මෙරට සමඟ තානාපති සබඳතා පැවැත්වූයේ නවදිල්ලියේ පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලය සමඟය.


තානාපති කාර්යාලය අඩිස් අබාබා හි ,බෝලේ සබ් සිටි ,කෙබෙලේ හි අංක 875 දරණ ස්ථානයේ පිහිටා ඇති අතර +251-11-6154-681  හෝ  +251-11-8334-175  යන දුරකථන අංකයන් ඔස්සේ හෝ  +251-11-6154-785   යන ෆැක්ස් අංකයන් හෝ  [email protected]. යන විද්‍යුත් තැපෑල ඔස්සේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධවිය හැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශ පවසයි.


RECOMMEND POSTS