අලුතින් සෞදි තානාපතිවරයෙක්



ශ්‍රී ලංකාව සඳහා නව සෞදි ආරාබි තානාපතිවරයෙක් පත් කිරීමට සෞදි රජය පියවර ගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව සෞදි අරාබි රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් අබ්දුල්නසෙර් එච්.අල් හාර්ති මහතා පත් කොට ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

මීට පෙර මෙරට සෞදි තානාපති වශයෙන් කටයුතු කළ අබ්දුල්අසීස්  බින් අබ්දුල්රහ්මන් අල් ජම්මාස් මහතා එම ධූර කාලය අවසන් කිරීමත් සමඟ මෙම පත් කිරීම සිදු කර ඇතැයි එම අමාත්‍යාංශය කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS