තුර්කියේ රෝගීන් 61,000 ඉක්මවයි



ගතවූ පැය 24ක කාලයේ දී තුර්කියේ කොරෝනා ආසාදිත මරණ 98ක් වාර්තා වීම හේතුවෙන් එරට මරණ සංඛ්‍යාව 1,296ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ෆෙරටින් කොකා පවසයි. වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 61,049 දක්වා ඉහළ ගොස් ඇත. අලුතෙන් වාර්තා වූ රෝගින් ගණන 4,093කි.

සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයන් 3,957ක් පූර්ණ සුවය ලබා ඇති බවයි. පසුගිය පැය 24 තුළ දී එරට පුද්ගලයන් 34,456ක් කොවිඩ් - 19 පරීක්ෂණයට ලක්කර තිබේ.


RECOMMEND POSTS