තුර්කිය හිරකරුවන් නිදහස් කිරීමේ උත්සාහයක



තුර්කියේ සිටින සිරකරුවන් අතරින් නිදහස් කළ හැකි පිරිස් වසංගත අවස්ථාවේ දී නිදහස් කර ‍වයිරසයට ඔවුන් ගොදුරුවීම වළක්වන ලෙස එරට විද්වතුන්, මානව හිමිකම් සංවිධාන මෙන්ම ජනමාධ්‍යවේදීන් ද රජයට බලපෑම් කරමින් සිටියි.

සිරකරුවන් 45,000ක් පමණ තාවකාලිකව නිදහස් කිරීමේ යෝජනාවක් තුර්කි ජනාධිපති තායිප් අර්ඩෝන්ගේ පක්ෂය විසින් යෝජනා කර ඇත. බන්ධනාගාර තදබදය අඩු කිරීම අරමුණු කරගෙන මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. නමුත් මෙමගින් ත්‍රස්තවාදී චෝදනාවන්ට වරදකරුවන් කිසිවෙකුත් නිදහස් කරන්නේ නැත.

''සියලු දෙනාම ජීවිත අවදානමට ලක්ව ඇති අවස්ථාවක දී විශ්වාසයන් හෝ මතවදා හෝ මත පදනම් වූ වෙනස්කම් කිරීම කළ නොහැකියි." යනුවෙන් ලේඛකයන් ඇතුළු පුද්ගලයන් 281 දෙනකු අත්සන් කළ ප්‍රකාශයක් මේ වනවිට ඉදිරිපත් කර තිබේ.


RECOMMEND POSTS