එන්නතක් ගැන දැන්ම කිව නොහැකියි



කොරෝනා එන්නතක් පිළිබඳ ඔක්ස්රේඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ඇතත් එන්නත් ඉක්මණින් ලැබෙන බවට සහතික විය නොහැකි බව එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් පවසයි.

කෙසේ වෙතත් ‍ඔහුගේ විශ්වාසය වන්නේ එක්සත් රාජධානිය ඉක්මණින් ම කොරෝනා වයිරසය මර්ධනය කිරීමට එන්නතක් සොයාගනු ඇති බවයි.

වසර 18ක් ගත වී ඇතත් සාර්ස් රෝග කාරක වයිරසයටත් තවමත් එන්නතක් නොමැති බවයි. එක්සත් රාජධානියේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක ශ්‍රීමත් පැට්‍රික් වැලන්ස් අග්‍රාමාත්‍යවරයාගේ අදහස අනුව යමින් කියා සිටියේ "ඔබට කිසිම අවස්ථාවක එන්නත ගැන සහතික විය නොහැකියි එවැන්නක් නිපදවීම ඉතා දුෂ්කරයි" යනුවෙනි.

දැනට සායනික අධ්‍යයන කටයුතුවලට යොමුකර ඇති එන්නත්වල ප්‍රගතිය ඉතා ඉහළ මට්ටමක ඇතත් අවසානයේ දී ඔබට නිවැරදිම එන්නත ලැබෙන තුරු කිසිවක් කිසිවෙකුත් නොදන්නා බව ද චැලන්ස් පැවසීය.


RECOMMEND POSTS