ඉතාලි සහන එරට සිටින ශ්‍රී ලාංකිකයන්ටත්



කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලි වැසියන්ට ලබාදුන් සහන නීත්‍යානුකූළව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් බහුතරයකට හිමිව ඇත.

වසංගතය හේතුවෙන් රැකියා සහ ආදායම් අහිමිවූ වුල් සඳහා සහන සැළසීමට හඳුන්වාදෙන නව චක්‍රලේඛයක් මගින් පවුලකට අවම වශයෙන් යුරෝ 250ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් පනස් දහසක පමණ මුදලක් හිමිව ඇත. පවුලේ සිටින සාමාජික සංඛ්‍යාව අනුව මෙම මුදල වැඩිවන බවත් තිදෙනකුනේ යුතු පවුලකට යුරෝ 550ක් දක්වා හමිවන බවත් පැවසේ.

එමෙන් ම නිවාස කුලී සහනයක් ලෙස අමතර යුරෝ 550ක් සහ පාසල් සිසුන්ට පරිගණක මිලදී ගැනීමට සහන ද ලබා දෙන බව පැවසේ.


RECOMMEND POSTS