සී.එන්.එන්. නාලිකාවෙන් අසභ්‍ය චිත්‍රපටයක් පෙන්වලා



ලෝක ප්‍රසිද්ධ CNN ප්‍රවෘත්ති නාලිකාව ඔස්සේ මිනිත්තු 30 කාලයක් පුරා අසභ්‍යය චිත්‍රපටියක් විකාශය කිරීමේ සිද්ධියක් වාර්තා වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ලොව පුරා විවිධ මාධ්‍ය වල දැඩි කතාබහට ලක්ව ඇත.

එය අමෙරිකාවේ බොස්ටන් ප්‍රදේශයේ රූපවාහිනි ප්‍රේක්ෂකයන්ට පමණක් දැක ගත හැකි වී ඇති බව  වාර්තා වෙන්නේ. මිනිත්තු 30ක පමණ කාලයක් මෙලෙස අසභ්‍ය දර්ශන විකාශය වී ඇති බවට බොස්ටන් හි ප්‍රේක්ෂකයකු පොලීසියට පැමිණිලි කර ඇතැයි ද වාර්තාවේ.

ලොව ප්‍රසිද්ධ CNN පුවත් නාලිකාව අසභ්‍ය දර්ශන විකාශය කළ පුවතක් විදේශ මාධ්‍ය හෙළිවීමත් සදඟ එම අසභ්‍ය චිත්‍රපටයේ රඟපෑ නිළිය තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මුදල් ගෙවීමකින් තොරව ලැබුණු ප්‍රචාරයට ස්තූති කරන බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සී.එන්.එන් ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රධානීන් කියාසිටියේ කිසියම් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් සිදුකළ දෙයක් බවත් ,ඒ සම්බන්ධයෙන් සිදුවූ අපහසුතාවය ගැන තමන් සමාව අයදින බවය.

( තිළිණි ද සිල්වා )

ඩේලි මේල් ඇසුරෙනි.......


RECOMMEND POSTS