ප්‍රභාස්ගේ අලුත් වික්‍රමය



‘බාහුබලී’ චිත්‍රපට හරහා කොලිවුඩයේ සහ බොලිවුඩයේ පමණක් නොව, අන්තර් ජාතික මට්ටමින් ද  අතිශයින් ජනප්‍රිය වූ කඩවසම් නළු ප්‍රභාස්ගේ නවතම සිනමාපටය වනු ඇත්තේ ‘සාහෝ’ ය.

අබිරහසක් වටා ගෙතෙන ‘සාහෝ’ චිත්‍රපටය මේ වනවිට ලහිලහියේ නිර්මාණය වෙමින් පවතින අතර එහි සියලු විස්තර රහසක් ලෙස තබා ගැනීමට නිර්මාණකරුවන් කටයුතු කර තිබේ.

කෙසේ නමුත් ‘සාහෝ’ චිත්‍රපටයේ පළමු පෝස්ටරය මේ වනවිට එළිදක්වා ඇත. ඒ, ප්‍රභාස්ගේ උපන්දිනයට සමගාමීවය. ‘සාහෝ’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සුජීත්ය.

‘සාහෝ’ චිත්‍රපටයේ පෙම්වතියගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩ් සුරූපිණිය ශර්ද්‍රා කපූර් වන අතර, නීල් නටිෂ් මුකේෂ් ද චිත්‍රපටයේ රංගනයට එක් වී සිටින බව පැවැසෙයි.

‘සාහෝ’ චිත්‍රපටය එකවර, හින්දි, දමිළ සහ තෙළිගු බසින් නිර්මාණය වනු ඇත.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)


RECOMMEND POSTS