ටෙලි රංගන ශිල්පී ලූක් පෙරී සමුගනී



90 දශකයේ අතිශය ජනප්‍රිය වූ ‘බෙවර්ලි හිල්ස් 90210’ ටෙලි කතා මාලාවෙන් ලෝ පුරා ජනප්‍රිය වූ ඇමෙරිකන් නළු ලූක් පෙරී දිවියෙන් සමුගත්තේය.

52 හැවිරිදි වියෙහි පසුවුණු ලූක් පෙරී, මීට දින කීපයකට පෙර, දරුණු හෘදයාබාධයකට ලක් වී බරපතල ලෙස රෝගී විය. ලූක් පෙරී අවසන් සුසුම් හෙලුවේ ලොස් ඇන්ජලීස් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිද්දීය.

අවසන් සුසුම් හෙලද්දී, ලූක් පෙරී අසල ඔහුගේ දරු දෙදෙනා, පැරැණි බිරිඳ, මව පියා පමණක් නොව, හාද වී සිටින පෙම්වතිය ද සිටි බව පැවැසෙයි.

ලූක් පෙරී පසුගිය කාලයේ තිරගත වීම් ආරම්භ කළ ‘රිවර්ඬේල්’ ටෙලි කතා මාලාවට ද රංගනයෙන් දායක විය. ඒ, එම කතා මාලාවේ ප්‍රධාන චරිතය වන උසස් පෙළ ගැටවරයකු වන ආර්චිගේ පියාගේ චරිතයට පණ දෙමිනි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS