ජෝර්ජ් කුමාරයට අවුරුදු 4 යි



විලියම් කුමරුන්ගේ සහ කේට් මිඞ්ල්ටන් කුමරියගේ පුතු ජෝර්ජ් කුමරු අද (23) සිය සිවුවැනි උපන්දිනය සමරයි.

සිවු වැනි උපන්දිනය සමරන අවස්ථාවේ ජෝර්ජ් කුමරු තම මව කේට් සහ පියා විලියම් සමඟ ජර්මනියේ හැම්බර්ග් විදෙස් සංචාරයකට එක් වී සිටී.

කුමරුන්ගේ සිවු වැනි උපන්දිනය නිමිත්තෙන් කෙන්සින්ටන් මාලිගය නිල ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කළේය.
ජෝර්ජ් කුමරු උපන්නේ 2013 වසරේ ජූලි 23 වැනිදාය.

ජෝර්ජ් කුමරුන් සිය පළමු විදෙස් සංචාරයට එක් වූයේ 2014 වසරේ අප්‍රේල් 7 වැනිදාය. ඒ, විලියම් සහ කේට් යුවල නවසීලන්තයේ වෙලිංටන් නුවර බලා ගිය අවස්ථාවේදීය. ඉන්පසු ඕස්ටේ්‍රලියාවේ සංචාරයකට ද ජෝර්ජ් කුමරු එක් විය.

2015 වසරේ මැයි දෙවැනිදා ජෝර්ජ් කුමරුන්ට නැගණියක ලැබුණි. ඒ, කේට් කුමරිය සිය දෙවැනි දරුවා බිහි කිරීමත් සමඟය. ඇය චාලට් කුමරියයි. නිමාවට පත් වුණු ජර්මන් සංචාරයට ජෝර්ජ් කුමරු පමණක් නොව චාලට් කුමරිය ද එක් වූවාය.

අවස්ථා කිහිපයකදී ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය විලියම් සහ කේට් කුමරියගේ කීමට අකීකරු වෙමින් මුරණ්ඩුව හැසිරෙන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

2016 වසරේ ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා කෙන්සින්ටන් මාලිගයේ සංචාරයකට පැමිණියේය. එහිදී ඔබාමා හමුවී අතට අතට දීමට ද පුංචි ජෝර්ජ් කුමරු අමතක නොකළේය.

2016 වසරේ ජූනි 9 වැනිදා ජෝර්ජ් කුමරු සිය පෙර පාසල් ගමන අරැඹීය. කුමරුන්ගේ පෙර පාසල වන්නේ නෝෆෝක් හි වෙස්ට්කෙයා මෙන්ටිසෝරියයි. 2016 වසරේ සැප්තැම්බරයේ ජෝර්ජ් කුමරු කැනඩාවේ සංචාරයකට ගියේය.

(බී.බී.සී.)


RECOMMEND POSTS