ගුවන්විදුලි නිවේදිකාව මියයයි



ජනප්‍රිය එමි‍රේට්ස් ගුවන්විදුලි නිවේදිකාවක් වු ලුසි ස්ටෝන් වයස අවුරුදු 39 දි මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඇය ඩුබායි නුවරින් 97.8  ඔස්සේ විසුරුවා හරින ලද “ඩාන්ස්’’ නැමති ගුවන් විදුලි සේවයේ සේවය කර ඇති අතර නිවේදිකාවගේ අභාවය පිළිබඳව ගුවන් විදුලි සේවයට අයත් සමාජ ජාල ගිණුම්වල ශෝකය පළ කර ඇත.

“ලුසි ස්ටෝන්ගේ අභාවය පිළිබඳව අපි ඔබට දැඩි ශෝකයෙන් දැනුම් දෙන්නේමු.’’ යනුවෙන් ශෝක ප්‍රකාශයේ සඳහන් කර ඇත.

සිනහව පුරවා ගෙන ඉතා ආදරනීය ආකාරයෙන් නිවේදන කටයුතු කළ බවත්, ඇය සදහටම අපගේ හදවත් තුළ රැඳී සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ගුවන් විදුලිසේවය සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS